බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම මැතිවරණයෙන් පසුවට

බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම මැතිවරණයෙන් පසුවට

 

බැඳුම්කර ගනුදෙනුවේදී විශාල පරිමාණයේ මූල්‍ය අලාභයක් සිදුව ඇති බවට බැඳුම්කර කොමිසමේ කේ.ටී. චිත්‍රසිරි විනුසුරුවරයා ප්‍රකාශ කර තිබේ. එහෙත් ඊට අග්‍රාමාත්‍යවරයාගේ හෝ හිටපු මුදල් අමාත්‍යවරයාගේ සෘජු සම්බන්ධයක් ඇත්දැයි මාධ්‍යවේදීන් ඇසූ පැණයට ඔහු පිළිතුරක් දී නැත. බැඳුම්කර කොමිසමේ වාර්තාව පිටු එක් දහස් ගණනකින් සමන්විත එකකි.

මෙම වාර්තාව මැතිවරණයක් පවතින මොහොතේ ප්‍රසිද්ධියට පත් කිරීමට ජනාධිපතිවරයාට ද කිසිදු වුවමනාවක් නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට වුවමනා වී ඇත්තේ කෙසේ හෝ මේ මොහොතේ මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරවා ගැනීමටය. මෙම කොමිශන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් එල්ල විය හැකිය යන අදහසට මැතිවරණ කොමිසමේ ද එකඟතාව බොහෝදුරට ලැබෙනු ඇති බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment