ඇමති මාරුවක් : දකුණු පළාත් සභාවේ ගිනි නිවෙයිද?


මේ වන විට දකුණු පළාත් සභාවේ දේශපාලනය උණුසුම් මුහුනු වරක් ගෙන තිබේ.  ඒ, දැනට පුරප්පාඩු වී පවතින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරය හේතුවෙනි. 

නිතිය හා සාමය දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුත් රන්දිම ගමගේ මහතාට එම අමාත්‍ය ධුරය ලබා දී ඉකුත් බදාදා ඔහු දිවුරුම් දීමට නියමිතව තිබුන ද මාතර ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙක් ගේ විරෝධතාවය මත එය අත්හැර දැමීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ. 

කෙසේ නමුත් මේ වන විට එම අමාත්‍ය ධුරය මනෝජ් සිරිසේන මහතාට ලබා දීමට සැලසුම් කර ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් Info Sri Lanka News වෙත වාර්තා වේ.

මනෝජ් සිරිසේන මහතාගේ දිවුරුම් දීමෙන් පුරප්පාඩු වන සභානායක ධුරය රන්දිම ගමගේ මහතාට හිමිවනු ඇති බවටද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment