ඡන්ද නීති කැඩූ උඩුදුම්බර ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිස ඇප මත මුදා හැරේ!

ඡන්ද නීති කැඩූ උඩුදුම්බර ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිස ඇප මත මුදා හැරේ!

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා පොස්ටර් තොගය ඊයේ (28) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කළ පසු අයෙකුට රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් සිව් දෙනා රුපියල් ලක්ෂ 04ක ශරීර ඇප මත මුදා හැරීමට දිසා විනිසුරු එන්.එම්.ෆරික්ඩීන් මහතා නියෝග කළේය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට තරයේ අවවාද කළ දිසා විනිසුරුවරයා මෙවැනි වරදක් යළි සිදුකළ හොත් මැතිවරණය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද මෙහිදී දැනුම් දුන්නේය.

පොස්ටර් ඇලවීම සදහා යොදාගත් කැබ් රථය රුපියල් ලක්ෂ 60ක බැදුම්කරයක් මත මුදාහැරීමට ද විනිසුරුවරයා පියවර ගත්තේය.

ලබන වර්ෂයේ ජනවාරී 18 වන දින සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස ද විනිසුරුවරයා උඩුදුම්බර පොලීසියට නියෝග කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment