උතුරේ තත්ත්වය ආක්‍රමණශීලි වෙලා - කීර්ති තෙන්නකෝන්

උතුරේ තත්ත්වය ආක්‍රමණශීලි වෙලා - කීර්ති තෙන්නකෝන්

ජාතික දේශපාලනේ ප්‍රධාන පක්ෂ දෙක ඇතැම් ස්ථාන වල සන්ධානගත වීම මෙන්ම තනිව මැතිවරණයට ඉදිරිපත් වීමෙන් එය පෙන්නුම් කරන බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ. දේශපාලන උපක්‍රමයක් ලෙස එලෙස කටයුතු කරන අතර මැතිවරණයෙන් පසු ජයග්‍රගණය ලබන කණ්ඩායම් සමඟ එක්වී බලය ස්ථාපිත කිරීමත් මෙවර විශේෂත්වයක් බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ විවිධ මතවාදයන් ගොඩනැගීම යහපත් ප්‍රවණතාවක් බවයි තෙන්නකෝන් මහතා කියා සිටියේ.

විශේෂයෙන් මේ වන විට උතුර පළාතේ දේශපාලනය වේගයෙන් වෙනස් වන අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක වටා ඒකරාශී වීම වෙනුවට විවිධ කණ්ඩායම් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම වැදගත් බව හෙතෙම පැවසීය. ඔවුන් තුළ ඉතා ආක්‍රමණශීලි ස්වභාවයක් දැකගත හැකි බවයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment