කවුරු ගියත් මම යන්නෑ - විමල් බැසිල්ට සහතික වෙයි

කවුරු ගියත් මම යන්නෑ - විමල් බැසිල්ට සහතික වෙයි

 

දැනට උද්ගත වී ඇති තත්වය අනුව විමල් වීරවංශ හැර ජාතික නිදහස් පෙරමුණේ සියළුම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලකුණු පහළ වී තිබේ. ජානිපෙ මන්ත්‍රී වීරකුමාර දිසානායක හෙට දිනයේ ඇමති තනතුරක දිවුරුම් දීමට නියමිතව සිටින අතර එය වැළැක්වීම සඳහා ද බැසිල් රාජපක්ෂ උපරිමයෙන් උත්සාහ ගනිමින් සිටී.

විමල් වීරවංශ කෙසේවත් ශ්‍රීලනිපය හා එක් නොවන බව ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පවුල ගැන ඔහුට ඇති මරාගෙන මැරෙන ලැදියාවක් නිසා නොව ඔහුගේ රහස් බැසිල් රාජපක්ෂ හොඳාකාරවම දන්නා නිසාය. බැසිල් සමඟ නියැළුණු ව්‍යාපාරික කටයුතු පිළිබඳව බැසිල්ගේ කට ඇරුණුහොත් තමන් අමාරුවේ වැටෙන බව විමල් දනී. දැනටත් තමන්ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් නඩු දමා ඇති හෙයින් බැසිල් තරහ කර නොගෙන සිටීමට විමල්ට සිදුව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment