විදෙස්ගත පාතාල කෙරුමන්ට වැඩ වරදී

විදෙස්ගත පාතාල කෙරුමන්ට වැඩ වරදී
පාතාලය මර්දනය කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල කිසිදු පුද්ගලයෙකුගේ හෝ කිසිදු පාර්ශ්වයක බලපෑම මත අත්හිටුවීමට නොතබන බවත් එය නතර කළ හැක්කේ පාතාලය මුලිනුපුටා දැමීමෙන් පමණක් බවත් රත්නායක මහතා අවධාරණය කරයි.
 
මෙම වසරේදී හෙරොයින් කිලෝ 13.6 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 135 කි. මේ අතරින් විශේුෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වලදී කිලෝ 5.3 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ මෙහෙයුම්වලදී කිලෝ 8.2 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම්වලදී සැකකරුවන් 303 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ඉතා සියුම් ආකාරයෙ වැටලීම් සිදුකරන බවත්, මේ වනවිට රටින් පැනගොස් ඇති පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහාද රජය කටයුතු කරමින් සිටින බවත් සාගල රත්නායක මහතා අවධාරණය කරයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment