MAGA ට රුපියල් මිලියන 4,507ක කොන්ත්‍රාත්තුවක්.


පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ.

ඒ අනුව, එහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති උපරිව්‍යූහය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 4,507ක මුදලකට මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment