කලාකරුවොත් ගොඩයයි.

ලංකාවේ සිටින සියළුම කලාකරුවන්ට රජයේ ලියාපදිංචි හැඳුනුම්පතක් සහ විශ්‍රාම වැටුපක් ලබා දීමේ පළමු පියවර ඊයේ (20 දා) දියත් කෙරිණි.

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියගේ අධීක්ෂණයෙන් මෙය සිදුවිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ රොෂාන් ප්‍රනාන්දු,

“මේක කලාකරුවන්ට ගෞරවයක්. අපි හැමෝම කලාකරුවෝ. ලැබෙනවා නම් හැමෝටම ලැබෙන්න ඕනේ. පච්ච ගහලා, කොණ්ඩ වවලා, කරාබු දාලා බෑන්ඩ් ගහද්දි සමහරු ගණන් ගන්නෙ නෑ. එහෙම වෙන්න හොඳ නෑ. පිටින් බලලා මිනිස්සු ගැන මනින්න එපා. එහෙම හිටියට ඒ මනුස්සයා තුළ ගොඩක් හොඳ කෙනෙක් ඉන්න පුළුවන්.. ඒක නිසා අපි මුල් වෙලා කලාකරුවන්ට හැඳුනුම්පතක්, විශ්‍රාම වැටුපක් ලබා දෙන වැඩපිළිවෙලේ මුල් පියවර තැබුවා.

"දැන් ඕනම කලාකරුවෙකුට තමන්ගේ අනන්‍යතාව හරි විදිහට හරි තැනට ඔප්පු කරලා මේ හැඳුනුම්පත ගන්න පුළුවන්.. මේ මගේ වෘත්තීය කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අපිට දේශපාලනයක් නෑ.. හොඳ අරමුණක් විතරයි තියෙන්නෙ. හොඳ දෙයක් කරන්න හොඳ අරමුණක් විතරක් තිබ්බම ඇති. තනතුරු වැඩක් නෑ. ඊයේ අන්තිම ෆොටෝ එක ගහලා අන්තිමට අයිඩන්ටි එක ගත්තෙ මම. අපිට මේ වැඩේට ලොකුම සපෝට් එකක් දීලා අපිව තේරුම් ගත්තෙ සංස්සෘකිත කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය. ඒ වගේම එහි සහකාර අධ්‍යක්ෂ සුධීර නිලංග විතාන මහතාත් අපිට ගොඩක් උදව් කළා.” යැයි පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment