රාජගිරිය ගුවන් පාලම උඩින් ජනවාරි 9 දා සිට යන්න





පසුගිය කාලය පුරා රාජගිරිය ප්‍රදේශයේ  ඉදිකරමින් පැවති ගුවන් පාලම මේ වනවිට ඉදිකිරිම් අවසන් කර ඇති අතර ලබන ජනවාරි 09 දා විවෘත කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දන්වා
සිටී.
රාජගිරිය

ගුවන් පාලමේ ඉදිකිරීම් නියමිත දිනට වඩා මාස 12කට පෙර අවසන් කිරීමට හැකිවූ බවත් අද (21දා) ඔහු සිය ට්විටර් ගිණුමෙන් දන්වා ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමට නියමිතව ඇති අතර එය මංතීරු හතරකින් සමන්විතය.
මෙම පාලම නිසා උදෑසන විශාල මාර්ග තදබදයක් පැවති පාර්ලිමේන්තු පාර මින් පසු එම තදබදයෙන් තොර වනු ඇති බවත් කෝට්ටේ - බොරැල්ල අතර ඉතා කෙටි කලකින් ළඟාවන්නට අවස්ථාව උදාවන බවත් වාර්තාවේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment