ඊළඟ කැබිනට් සංශෝධනයෙනුත් රවීට 'NO Chance' ද?


ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමි නොවන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් එම කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් ලබා ගැනීම සඳහා කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටින නමුත් ජනාධිපතිවරයා ඊට තවමත් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවට වාර්තා වේ.

මේ අතර රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වූ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ වාර්තාව ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙන නමුත් දුෂණ විරෝධී සංවිධාන කිහිපයක් මීට පෙර ද කරුණානායක මන්ත‍්‍රීවරයාට යලි අමාත්‍යධුරයක් ලබා දීමට විරුද්ධව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව ද මීට පෙර අප ඔබට අනාවරණය කරනු ලැබිය. 

එසේම රවී කරුණානායක මහතා නැවත ඇමතිවරයෙකු ලෙස පත්කිරීමට එරෙහිව එජාපය ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන බවට පසුගිය දා අන්තර්ජාල මාධ්‍ය ද වාර්තා කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment