කැබිනටුවේදී 03 දා රෑ එන බව කී පොහොර නැව තවම නෑ.


මෙට්‍රික් ටොන් 40,000ක පොහොර නැවක් පාකිස්තානයේ සිට  පෙරේදා(03දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට එදින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  කැබිනට් ප්‍රකාශකයන්  පැවසුවද, එවැනි නැවක් දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සමාගමක් විසින් ඇණවුම් කර තිබුණු පොහොර නැවක් එදින පැමිණීමට නියමිතව තිබුණු බවත්,රජය පැවසූ පරිදි එය දිවයිනට පැමිණ නොමැති බවත් අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

මේ සම්බන්ධව කළ විමසීමකදී ලංකා පොහොර සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී පී.ආර්.සමරවීර මහතා සඳහන් කළේ පෙරේදා දිනයේදී  එවැනි පොහොර නැවක් දිවයිනට පැමිණ නොමැති බවත්,රජය ඉල්ලුම් කර ඇති පොහොර නැවක් ඩුබායිහි සිට ලබන ඉරිදා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවත්ය.

එම නැවේ  පොහොර  මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන එන බවත්, ලංකා පොහොර සමාගමට පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් සහ කොමර්ෂල් පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් ඒවා ලබාගෙන සඳුදා දිනයේදී ලොරි මගින් දිවයින පුරා බෙදාහරින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව වරාය අධිකාරිය සමග ඊයේ (04දා) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වූ බවද සමරවීර මහතා පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment