පාසල් ක්‍රිකට් නංවන්න මහේල මුරලි හා සිදත් ඇතුළු කමිටුවේ යොජනා 14.


පාසල් ක්‍රිකට් ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා පත්කළ කමිටුව විසින් ප්‍රධාන වශයෙන් යෝජනා 14ක් ඉදිරිපත් කර තිබේ.

සිදත් වෙත්තමුණි, ජයන්ත සෙනෙවිරත්න, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, කාල්ටන් බර්නාඩ් ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්, සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම කමිටුවට ඇතුළත් විය.

 2018-2020 කාලය තුළදී මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම යෝජනා පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා පැවැත්වුණි.

එහි යෝජනා
1.  ජාතික මට්ටමට පැමිණීමට මාර්ගයක් ලෙස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලි නිසි පරිදි සකස් කිරීම
2.  පාසල් ක්‍රිකට් ක්‍රීඩයන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම හා පාසල් ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රීඩා සෞඛ්‍ය ඒකක පිහිටුවීම.
3.   පාසල් ක්‍රිකට් සඳාහා අවශ්‍ය යටිතල පහසුකම් turf wickets, matting wickets, concrete wickets, nets සහ ගෘහස්ථ ක්‍රීඩාගාර වැඩි දියුණු කිරීම.
4.   ක්‍රිකට් ක්‍රීඩා උපකරණ (Bowling machines, පන්දු, ලකුණු පුවරු පැති තිර) හා අනෙකුත් සියලු උපකරණ සැපයීම.
5.   පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පුහුණුකරුවන්, භෞත චිකිත්සකවරුන්, විනිසුරුවන් ඇතුළු පහසුකම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම.
6.   පුහුණුකරුවන්ගේ හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඵලදායි සංවර්ධනයට අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදීම.
7.   National junior selection panel / ජාතික කණිෂ්ඨ තේරීම් මණ්ඩලයක් හා පළාත් සදහා නිර්ණායක ඇති කිරීම
8.  අන්තර් ජාතික තරගාවලි හා තම ප්‍රදේශයෙන් බැහැර තරගාවලි ඒ ඒ වයස් කාණ්ඩ අනුව සංවිධානය කිරීම.
9.  බාහිර සම්පත් දායකයින් යොදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් පරිපාලන නිලධාරීන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශව සඳහා නායකත්ව, මනෝ උපදේශන, අල්ලස් හා දූෂණ වැළක්වීම, ක්‍රීඩා ආචාර ධර්ම පුහුණු වැඩසටහන් පැවැත්වීම. පරිගණක, ක්‍රිකට් හැකියා සංවර්ධනය සහ මාධ්‍ය භාවිතය පිළිබඳ ත්‍රෛභාෂා වැඩසටහන් පැවැත්වීම.
10. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සදහා වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම
11.සියලුම වයස් කාණ්ඩ මට්ටමින් පාසල් හා පළාත් මට්ටමින් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
12. බාහිර අනුග්‍රාහකයන් පාර්ශවයන් සමග සම්බන්ධතා වර්ධනය කරගැනීම මගින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම.
13.පාසල් ක්‍රිකට්හි මූල්‍ය ශක්තිය හා පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ  එය තිරසාර කිරීම.
14.පාසල්වල සේවය කිරීම සඳහා ක්‍රිකට් පුහුණු උපදේශකවරු 200 ක් බඳවා ගැනීමට කටයුතු කිරීම.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment