තැපැල් ඡන්දය අද 22 සිට ඇරැඹේ


තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර අද (22) ක්‍රියාත්මක වන
බව මැතිවරණ

කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව අද දින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බව එම කොමිෂන් සභාව  පවසයි.
සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment