පළාත් පාලන ආයතන වලට ආවාම - වංචා දූෂණ බෑ - ජනපති කියයි

එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය සදහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එලෙස හැසිරෙන සියලූදෙනා

වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඩුවම් ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (31) පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි. පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලූ අංශවලට ඉදිරියේදී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ජනතාවගේ මුදල් සොරා කමින් වංචාව, දුෂණය වැපිරූ යුගය තම පාලන කාලය තුළ නිමා කිරීම අපේක්ෂාව බව සදහන් කළ ජනාධිතිතුමා යහපත් චර්යාවකින් ජනතා යහපත උදෙසා කැපවන මහජන නියෝජිතයින් පිරිසක් රට තුළ ගොඩනගන බව කියා සිටියේය. පසුගිය ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ අගතිගාමී වැඩපිළිවෙලේ ආරම්භය පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම සහ කි‍්‍රයාකාරිත්වය බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා ඊට එවකට නායකයාගෙන් හිමිවූ ප‍්‍රතිචාරය එම ආයතන අගතිය කරාම ගමන් කිරීමට ඉවහල් වූ අන්දම සිහිපත් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment