ගම දිනන ආණ්ඩුව හදන්නට මහනුවරට ජන ගඟක්.


2018 පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භක ජන රැළිය අති විශාල ජනසහභාගීත්වයකින් මහනුවර පොදු වෙළඳපෙල අසලදී ඊයේ (18) දින පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති රැළිය සංවිධානය කරනු ලැබුවේ මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසිනි.

පක්ෂ මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන අකිල විරාජ්, රාජිත සේනාරත්න, හරීන් ප‍්‍රනාන්දු, ගාමිණී ජයවික‍්‍රම, රවුෆ් හකීම්, මොහොමඞ් හලීම් යන මැති ඇමතිවරු ඇතූළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිිටියහ.

මහනුවර දිස්ත‍්‍රික්කයේ සියළු ආසන නියෝජනය කරමින් මෙවර පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂක, අපේක්ෂිකාවන් ඇතුළු අති විශාල ජනකායක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර පලාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ වෙනත් පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එක්සත් ජාතික පක්ෂය හා එක්වීමද මෙහිදී කැපී පෙණුනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment