බැසිල් අපිව එළවන්නේ ඉන්දියාවේ වුවමනාවට - විමල් කියයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමන්ව ඉවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ උත්සාහ කරන්නේ ඉන්දියාවේ වුවමනාව අනුව බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත. 

විමල් වීරවංශ තම හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇත්තේ කවරම තත්වයක් මත හෝ තමන් ආණ්ඩුවට එක් නොවන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන නායකත්ව මට්ටමේ සිටි පිරිස් සමඟ අති බහුතරයක් මේ වන විට සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වය. විමල් වීරවංශ සමඟ ඉතිරි වී සිටින්නේ කිහිපදෙනෙක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඔවුන්ට ද මේ වන විට බැසිල් රාජපක්ෂගෙන් සැලකුම් ලැබෙන්නේ පල නොකියා පළා බෙදන ආකාරයට ය. බැසිල්ගේ මේ ආකාරයේ සැලකීම විමල් වීරවංශට පමණක් සීමා වූවක් නොවේ. ඔහු දිනේශ් ගුණවර්ධනට සහ උදය ගම්මන්පිලට සලකන්නේත් පල නොකියා පළා බෙදන ආකාරයට ය.

විමල්, දිනේශ් සහ ගම්මන්පිල යනු අන්තවාදී සිංහල බලවේග නියෝජනය කරන පුද්ගලයින් ය. අනාගතයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුව ද විමල්ලා, දිනේශ්ලා, ගම්මන්පිලලා සමඟ එම ආණ්ඩුවට බලය බෙදීමක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට බලය බෙදීමෙන් විසඳුමක් දීමට ඉන්දියාවට අවශ්‍යය. එහෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන ඉන්දියාවට වුවමනා වී ඇත්තේ පොහොට්ටුව පිපෙන්නට පෙර ම එහි සිටින ජාතිවාදී පණුවන් ඉවත් කර ගැනීමටය.

බැසිල් රාජපක්ෂ විසින් විමල්ලාට පල නොකියා පළා බෙදන්නේ ඉහත කී ඉන්දීය වුවමනාව අනුව බව දේශපාලන විචාරකයින්ගේ ද අදහසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment