රාජිතට තවත් පට්ටමක්.


ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ වාණිජ මණ්ඩලයේ අනුශාසක පදවියට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පත්කර තිබේ . ඒ එහි සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා විසිනි.

මෙම මණ්ඩලය මුහුණ දී ඇති ගැටලු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වූ අතර එහිදී අනුශාසක පදවියට අදාල ලිපිය සමරවික්‍රම මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

මෙහිදී ඖෂධ කර්මාන්ත කලාප ස්ථාපිත කිරීම, ඖෂධ අමුද්‍රව්‍ය සහ උපකරණ ආනයනය කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු රැසක් සාකච්ඡා කළ අතර, ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම, රාජ්‍ය ඖෂධ නීෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment