ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී එකක් වූ බවට වාර්තා පළව තිබේ.
එක්සත් ජාතික
පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් ජනපති අප්‍රසාදය පළ කර පසුව කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් ඇත.
ජනාධිපතිවරයා එසේ නැගිට ගොස් තිබෙන්නේ කැබිනට් පත්‍රිකා පවා සාකච්ඡාවට ගැනීමට පෙර බව ආරංචි මාර්ග මගින් පැවසෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක් කැබිනට් රැස්වීමෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරයා හමු වී ඔහු නැවත රැස්වීමට කැඳවා ගෙන පැමිණි බවත් පැය බාගයක පමණ කාලයක් මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ඇණහිටි බවත් වාර්තාවේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment