ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයක.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා තිබෙන බව වාර්තා වේ. 

20,000න් ඡන්ද කරන්න පුළුවන්ද ?

ශ්‍රීලනිප පොළොන්නරුව ප්‍රදේශයේ අපේක්ෂකයින්ට පක්ෂයෙන් ලැබී ඇත්තේ එක් අයකුට රුපියල් 20,000ක පමණ මුදලකි. එවන් මුදලකින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් කිරීමට තබා සිතීමට හෝ නොහැක. ශ්‍රීලනිප පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයෙක් ද මේවන විට රුපියල් මිලියන 20ක් පමණ තම හිතවතුන්ට ණය වී මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බව වාර්තා වේ.

මෙම මූල්‍ය අර්බුදයට හේතුවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයයි. සෑම පක්ෂයක් ම මැතිවරණ අරමුදල් සපයා ගන්නේ තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් ලැබෙන ආධාර මුල් කරගෙනය. එහෙත් ජනාධිපතිවරයා මේවන විට අනුගමනය කරමින් සිටින්නේ 'ව්‍යාපාරික විරෝධී' ප්‍රතිපත්තියකි. ඔහු සිතා සිටින්නේ සියලුම ව්‍යාපාරිකයින් දූෂිත බවකි. තම නමට කැළලක් වෙතැයි සිතා ඔහු ව්‍යාපාරිකයින් සමඟ ගනුදෙනු වලින් සම්පූර්ණයෙන් ම වැළකී සිටී. එහෙයින් ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරයට මුදල් එකතු වන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂය කවදත් ව්‍යාපාරිකයින් සමඟ හොඳින් ගනුදෙනු පවත්වාගෙන ගිය පක්ෂයකි. ඔවුන් මෙම මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියනයක පමණ අරමුදල් රැස් කරගැනීමට සමත් වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම මැතිවරණ අරමුදල් සටනේ ජයග්‍රාහකයා වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඔවුන්ට අසාමාන්‍ය ලෙස මුදල් ගලා එන ආකාරයක් පෙනෙන්නට තිබේ. එක් පසකින් ඉන්දියාවෙන් ඔවුන්ට මුදල් සැපයෙන් අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔවුන් සමඟ සිටි ව්‍යාපාරිකයින්ගෙන් ද පොදුජන පෙරමුණට ආධාර ලැබේ. ඒ අනුව පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව මෙම මැතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කරමින් ප්‍රචාරක කටයුතු කරන ආකාරය දැකගත හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment