සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනවාරි 23 වැනි දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබන අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබෙනු ඇත.
 
මෙම සංචාරය අතරතුරදී  අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටද නියමිතය. 
 
1979 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව, අන්‍යොන්‍ය අවබෝධය, ගෞරවය සහ පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැඟුණු ශක්තිමත් හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් පවත්වයි. සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර දහතුනකට පසුවය. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment