බිට්කොයින් අගය ඩොලර් 10,000 ට පහත බසියි. ආයෝජකයන් අමාරුවේ!‍

බිට්කොයින් අගය ඩොලර් 10,000 ට පහත බසියි. ආයෝජකයන් අමාරුවේ!‍

බිට්කොයින් යනු ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ගයකි. එනම්,ආරක්ෂිත ඩිජිටල් මුදල් ඒකකයකි. හැක් කළ නොහැකි හෝ හැක් කිරීමට ඉතාම අපහසු කේතයක් හරහා මුදල් හුවමාරු කිරීම මගින් මූල්‍ය අක්‍රමිකකා අවම කර ගැනීමට හඳුන්වා දුන් මෙම අන්තර්ජාල මුදල් ඒකකය පසුගිය කාලවල අතිශය ජනප්‍රිය වී තිබිණි. ලෝකයට මුලින්ම හඳුන්වාදුන් ක්‍රිප්ටොකරන්සි වර්ගය වූයේ ද බිට්කොයින් ය.

ක්‍රිප්ටොකරන්සි යන වචනය බිඳී ආවේ ක්‍රිප්ටොග්‍රැෆි (cryptocurrency)යන වදනෙනි. ක්‍රිප්ටොග්‍රැෆි යනුවෙන් හැඳින්වූයේ දෙවන ලෝක යුධ සමයේදී ආරක්ෂිත සන්නිවේදනයන් සිදුකිරීම පිණිස භාවිතා කළ ක්‍රමයකි. බිට්කොයින් භාවිතා කරන්නා හට සිය අයි පී ලිපිනය (IP address) සඟවාලන්නට හැකි හෙයින් ඔහුගේ ගනුදෙනුවේ පූර්ණ රහස්‍ය භාවය සුරැකේ.

2009 ජනවාරි 03 වැනිදා බිට්කොයින් හඳුන්වා දීමෙන් අනතුරුව ගතවූ දශකයකට ආසන්න කාලය තුළ මේ වන විට අන්තර්ජාල මුදල් ඒකක වර්ග, එනම් ක්‍රිප්ටොකරන්සි වර්ග 1,000කට වඩා අන්තර්ජාලය තුළ දැකගත හැක. ලයිට්කොයින්, එතේරියම්, රිපල් එයින් කිහිපයකි. නමුත් තවමත් සුලබම මුදල් ඒකකය වශයෙන් අන්තර්ජාලයේ සංසරණය වන්නේ බිට්කොයින්ස් ය.

සතෝෂි නකමුතෝ නමැති ආරූඪ නාමයෙන් පෙනී සිටි විශේෂඥයෙකු විසින් ලොවට බිහිකළ බිට්කොයින්ස් වල සැබෑ නිර්මාතෘවරයා කවුද යන්න අදට ද අබිරහසකි. ඇතැමුන් කියන්නේ ‘සතෝෂි‘ යනු ‘සැම්සුන්‘ සහ ‘ටොෂිබා‘ සමාගම් නාමයන් දෙකේ මුල් අකුරු එක් කිරීමෙන් සාදාගත් නාමයක් වන බව සහ ඒ අනුව බිට්කොයින් ලොව ට නිර්මාණය කළේ එම සමාගමේ දෙකේ පරිගණක විශේෂඥයන් විසින් බවයි.

බිට්කොයින්ස් 2009 ජනවාරි 03 වැනිදා හඳුන්වා දෙනු ලැබුවද 2010 මැයි 22 වනදා වන තෙක්ම, එය කිසිවෙක් පරිහරණය කළේ නැත. අවසානයේ මැයි 22 වැනිදා ලැස්ලෝ හැන්යෙක්ස් නමැති පුද්ගලයා බිට්කොයින්ස් 10,000 (10,000 BTC) ක් වියදම් කර ‘පපා ජෝන්ස්‘ පීසා මිලදී ගත්තේය. මෙම පුවත අන්තර්ජාලයේ ශීර්ෂ පාඨ මැව්වේය. පපා ජෝන්ස් පීසා හලේ කිසිවෙක් ඒ වන විට බිට්කොයින්ස් පිළිබඳ නිවැරදි ව දැන සිටියේ නැති බවත්, එමනිසා ලැස්ලෝ ට පීසා මිලදී ගැනීම පිණිස ලොකු අරගලයක් කරන්නට සිදුවූ බවත් කියැවිණි. එදින බිට්කොයින්ස් 10,000 ක අගය ඩොලර් 41 කි. ඒ අනුව බිට්කොයින් එකක අගය ඩොලර් 0.0041 ක් විය. බිට්කොයින්ස් අන්තර්ජාලය හරහා ලෝකයේ ප්‍රාග්ධන වෙළඳපොළ ආක්‍රමණය කරන්නට පටන් ගත්තේ ඒ ආකාරයනි.

මේ අතර, බිට්කොයින්ස් කෝටිපතියන්‘ පවා පසුගිය සමයේ බිහි වී ඇති බව අසන්නට ලැබිණි. 2017 දෙසැම්බරය වන විට, එනම් බිට්කොයින් එකේ අගය ඩොලර් 20,000 ක උපරිමයකට ළඟා වී තිබූ සමය වන විට එහි වෙළඳපොළ ප්‍රාග්ධනය ඩොලර් බිලියන 230 ක් විය. ඒ වනවිට බිට්කොයින්ස් මිලියන ‍‍‍‍16.7 ක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පැවති බව ද කියැවිණි.

කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව මේ වන විට බිට්කොයින් එකේ අගය 53%කින් පමණ පහළ බැස තිබේ. ඒ සමගම බිට්කොයින්වල මුදල් ආයෝජනය කළ තැනැත්තන්, කොටස් වෙළඳපොළ මුදල් ආයෝජකයන් කොටස් වෙළද පොළ කඩාවැටීමකදී ලක්වන අපහසුතාවයට සහ පාඩුවකට මේ වන විට ලක්ව තිබේ. ලෝකයේ ලොකුම ධනවතෙක් වන වොරන් බෆට් ද බිට්කොයින්වල මුදල් ආයෝජනය කර ඇති ප්‍රධාන පෙළේ අයෙකි. ඔහු පසුගියදා පවසා තිබුණේ බිට්කොයින්ස්වල මුදල් ආයෝජනය කිරීම ක්‍රම ක්‍රමයෙන් අවිනිශ්චිත අනාගතයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි.

බිට්කොයින් වෙළඳපොළ මිල පාලනය සම්බන්ධයෙන් නව නීති ගෙන ආ යුුතු බවට ද මේ සමග මතයක් ඇති වී තිබේ. තමන් ඒ පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment