මාස අටක් තිස්සේ නිරාහාරව සිටි කිඹුලෙකු බේරගනී

මාස අටක් තිස්සේ නිරාහාරව සිටි කිඹුලෙකු බේරගනී
ප්‍රදේශවාසියෙකු විසින් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමෙන් පසු එම විහාරාධිපති හිමි වනජීවී නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුම අද (19) සවස ක්‍රියාත්මක කළ අතර පැයක පමණ කාලයකින් පසු කිඹුලා අල්ලාගනු ලැබීය.
 
මාස ගණනාවක් ආහාර නොමැතිව සිටීම නිසා මෙම කිඹුලා ඉතා දුර්වල තත්වයේ පසුවීම හේතුවෙන් මුදා නොහැර වන ජීවී නිලධාරීන්ගේ රැකවරණ හමුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව කලමැටිය වනජීවී කාර්යාලයේ නිලධාරින් පවසයි.
 
කච්චිගල් ආර තුළ සිටි මෙම කිඹුලා පසුගිය ගංවතුර සමයේදී මෙම ජල ටැංකියට වැටෙන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් සැක කරන්නේ. මීට පෙරද මේ ආකාරයෙන් මෙහි වැටී සිටි කිඹුලෙකු වනජීවී නිලධාරීන් විසින්  බේරාගෙන තිබේ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
crocadile 1
crocadile 2
crocadile 3
crocadile 4
crocadile 5
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment