පසුගිය රජය සමයේ සිදුකළ බැඳුම්කර මගඩි හරහා රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 4000 ඉක්මවන බවයි ඇමතිවරයා පවසන්නේ. එවැනි බරපතල වංචාවලට සම්බන්ධ පුද්ගලයන් දැන් වත්මන් රජය යටතේ සිදු වූ බිලියන 11 ක වංචාව පිළිබඳ මහා ඉහළින් කතා කරන බව ද සේනාරත්න මහතා පෙන්වා දෙයි. එම බිලියන 11 ක මුදල රජයට අයකර ගත යුතු බවට කිසිදු ගැටලුවක් නොමැති බවත් එසේම පැවති රජය යටතේ සිදු වූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම මුදල් වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මේ වනවිට බැඳුම්කර වංචාවේ ප්‍රධාන පාර්ශ්වයක් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් රුපියල් බිලියන 12 ක් මහ බැංකුව විසින් රඳවාගෙන සිටින බැවින් එම මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව ද ඇමතිවරයා පවසයි.
පැවති රජය යටතේ සිදු වූ වංචා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'පසුගිය රජය සමයේ වංචා සහ දුෂණ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත්තේ නැහැ. එදා හිටපු මන්ත්‍රිවරුන් විවිධ වංචා සිදු කළා. කිසිදු මන්ත්‍රිවරයෙකුට එරෙහිව කවුරුවත් කථා කළේ නැහැ. සැම මාර්ගයක් ම ඉදිකිරීමේ දී කොමිස් ලබාගත්තා. එහෙම අය තමයි දැන් ඡන්දය ඉල්ලන්නේ. හොර බිහි කරන්නෙත් ඡන්ද දායකයින්. මේ වගේ හොරුන්ට ඡන්දය දෙන්න එපා. වර්තමානයේ රජයේ අමාත්‍යවරුන් ද වැරදි කළත් පරීක්ෂණ පවත්වනවා. ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂවල වැරදි සොයනවා. ඉන් පසු දේශපාලන පක්ෂ විවේචනය කරනවා.'
0 comments :
Post a Comment