මේ වනවිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම බංග්ලාදේශයේදී තුන්කොන් තරගාවලියකට මුහුණ දෙමින් සිටින අතර ඊයේ (17) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයෙන් පසු ඔහුගේ ආබාධිත තත්වය උත්සන්න වී තිබේ.
ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට පත්වූ අතර එය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පිට පිට පරාජය පත්වූ තෙවැනි තරගය ද වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ආගමනයත් සමගින් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සීමිත ඕවර් තරගවල නායකත්වයට පත්කළ අතර බංග්ලාදේශ තුන්කොන් තරගාවලියට කණ්ඩායම පිටත්ව ගියේ ඔහුගේ නායකත්වය යටතේය.
වසර කිහිපයක සිට මැතිව්ස්ගේ ආබාධය විටින් විට උත්සන්න වන අතර ඔහු කලෙක පටන් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාව පසෙක තබා පිතිකරුවෙකු වශයෙන් පමණක් ක්‍රීඩා කරයි.
හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේදී ඔහුගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත වන අතර ඔහු තරගයට සහභාගි නොවුවහොත් දිනේෂ් චන්දිමාල් හෝ හිටපු නායක තිසර පෙරේරා නායකයා ලෙස කටයුතු කරනු ඇත.
0 comments :
Post a Comment