එජාපයේ මැතිවරණ ප්‍රචාරය ගෝඨා හරහා දෙරණට.


එළඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් "ට්‍රයි ඇඩ්" ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත.

ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත කරයි.

මහින්දගේ පාර්ශවයෙන් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් වන මිලින්ද රාජපක්ෂද "ට්‍රයිඇඩ්" ආයතනයේ සේවය කරන්නේකු වන අතර, එජාප මැතිවරණ මෙහෙයුම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් සම්බන්ධීකරණය සිදු කිරීම හරහා ඉදිරියේදී දේශපාලන පෙරළියක පෙරනිමිති පහල වන බව මින් දැනගන්නට ලැබේ. 

ඒ සඳහා එජාපයට අයත් රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙපලක් ගෝඨාභය සමග සාකච්ඡා කර ඇති බවද, මෙම ප්‍රචාරණ කටයුතු හරහා ගෝඨාභය රාජපක්ෂ හටද අතයට යම් මුදල් ලැබෙන බවද සඳහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment