12 ශ්‍රේණියේ සිසුවා විදුහල්පතිනියව වෙඩි තබා ඝාතනය කරයි



ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ යමුනානගර්හි පෞද්ගලික විදුහලක 12 ශ්‍රේණියේ සිසුවකු  ඔහුගේ පියාගේ රිවෝල්වරය පාසලට රැගෙන ඇවිත් විදුහල්පතිනියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තාවේ.
පසුගිය සෙනසුරාදා පාසලේ ක්‍රීඩා කටයුතු වැඩසටහනක් පැවැත්වෙමින් පැවති අතරවරෙයේ දහවල් 12 ට
පමණ වෙඩි තැබීම වාර්තාවී තිබේ.
මෙම සිසුවාගේ පැමිණීමේ
දුර්වලතා සහ අනෙක් සිසුන් සමග කලහ කරගැනීමේ සිද්ධි නිසා සිද්ධියට දින දෙකකට පෙර විදුහල්පතිනිය විසින් බැණ වැදී පාසලින් පිටකිරීමේ සිදුවීමක් සිදුව ඇති අතර එයින් සිසුවා විදුහල්පතිනිය සමග වෛරයෙන් පසුවී ඇත.
ක්‍රීඩා වැඩසටහන අතරවාරයේ තමාට විදුහල්පතිනිය හමුවන්නට අවශ්‍ය බව කියමින් කාර්ය මණ්ඩල නියෝජිතගෙන් අවසරය ගෙන විදුහල්පති කාමරය වෙත ඔහු කෙලින්ම ඇතුළුවී මිනිත්තු දෙක තුනකින් වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි ශබ්ද ඇසූණු පසු පාසැල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙකුගේ විදුහල්පතිනියගේ කාමරය වෙතට ගොස් ළමයා අල්ලාගෙන ගිනි අවිය ඉවතට ගෙන තිබේ.
විදුහල්පතිනිය වෙඩි උණ්ඩ 3 ක් නිසා තුවාල ලබා බරපතල තත්ත්වයෙන්  රෝහල්ගතව ඇති අතර පසුව මියගොස් ඇත.සිසුවා මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.ධනවත් පවුලකට අයත් මෙ සිසුවා පුද්ගලික පාසලේ වාණිජ්‍ය විෂය ධාරාව හදාරමින් සිටි අයෙකි.
දේපළ අලෙවි කරුවකු වන සිසුවාගේ පියා ගිනි අවියක් ළඟ තබාගෙන ඇත්තේ ඉන්දීය අවි ආයුධ පනතට පටහැණිව බවද වාර්තා පළව තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment