වැලිකඩ වාර්තාවෙන් ගෝඨා හිරවේ.


වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 27 දෙනකු නම් ලැයිස්තුවකට අනුව තෝරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන වගඋත්තරකරුවකු වී සිටින වාර්තාව මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

මේ පිළිබඳව සකස් කළ කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් විසින් පරීක්ෂා කර ඇත. මේ කොමිෂන් සභා වාර්තාව අධිකරණ අමාත්‍යංශය ඇතුළු වගකිවයුත්තන්ට භාර දී වසර දෙකකට අධික කාලයක් ගත වී තිබේ. අදාළ කොමිසමේ සාමාජිකයකු වූ නීතිඥ එස්. කේ. ලියනගේ මහතා පවසන්නේ මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ සෘජුවම වගකිව යුතු බවයි. මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවරට ගොස් සිටී.

(www.resa.lk)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment