අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ මොරවක පොල්ගස්විල ප්‍රදේශයේ පැත්වූ ජනහමුවකට එක් වෙමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේද කීය.
“රාජපක්ෂ යුගයේ නම් වැඩ කලේම පවුලේ අයට . ජනතාව වෙනුවෙන් වැඩ කලේම නෑ . හැම වෙලාවෙම ගොඩනගන්න හැදුවේ පවුල .ඒ අයට අද තවම ඒ ගතිය අත ඇර ගන්න බැරි වෙලා .
මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව පක්ෂ හැදුවෙ මොකටද ?. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා පොහොට්ටුව පක්ෂය හැදුවේ තමන්ගේ පුතාව රජකරවන්න පාර කපන්න මිසෙක වෙන දේකට නෙවෙයි. හැබැයි ඒ පොහොට්ටුව පිපෙන්නේ නම්නෑ.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනාධිපති වෙලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය අරගෙන පක්ෂය ගොඩ නඟන්න කටයුතු කරගෙන යද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටු පක්ෂය හැදුවේ පවුල ගොඩදාන ගතිය අතඇරගන්න බැරුවයි. පක්ෂය විතරක් නෙවෙයි රට පාවාදීලා හරි රාජපක්ෂ මහත්තයා පවුලේ අය ගොඩනඟනවා කියනදේ දැන් රටට ඔප්පු වෙලා ඉවරයි.
0 comments :
Post a Comment