පාර්ලිමේන්තුවේ ගැටුම පිටුපස දිනේෂ්

පාර්ලිමේන්තුවේ ගැටුම පිටුපස දිනේෂ්
පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශය හරහා කතානායකවරයා වෙත මෙම රහස්‍ය වාර්තාව ලැබී ඇති අතර මෙම සිදුවීම පිටුපස සිටින්නෙ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් බව වාර්තා වේ.
 
දිනේෂ් ගුණවර්ධන මහතා එදින කලහකාරී සහ අශෝභන අයුරින් හැසිරෙමින් දිගින් දිගටම කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගත කරන ලෙසයි. එහෙත් කතානායකවරයා එදින බැඳුම්කර වාර්තාව සභාගත නොකරන බව කලින්ම දැනුම් දී තිබූ අතර ගැටුමක් ඇති කිරීමේ අරමුණින් දිනේෂ් ගුණවර්ධන මහතා එදින සභාවේ හැසුරුණු බවයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
 
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසගේ අනුදැනුම මත විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භය වෙත පැමිණ කෝලාහල කරමින් සභාවේ කටයුතු අවුල් කළ අතර අවසානයේ එය ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ගැටුමක් දක්වා වර්ධනය විය.
 
එදින සිද්ධිය සම්බන්ධයෙන් සමාජගත වී ඇති පදනම් විරහිත, ද්වේෂ සහගත අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව ද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment