එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.


අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම  රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය.


විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවද ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපය විසින් ශ‍්‍රිලනිපයත් ශ‍්‍රිලනිපය විසින් එජාපයත් විවේචනය නොකල යුතු යයි එහිදී එකගතාවයකට පැමිණි බවද සදහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment