'වංචාව - දූෂණය රජ වෙලා' : මහින්ද


වර්මානයේ රට තුළ වංචාව සහ දූෂණය රජවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පලිගැනීම්වල ද කිසිඳු අඩුවක් නොමැති බවයි.


මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ අදහස් දක්වනු ලැබුවේ අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ පැවති රැස්වීමක දීය.

ශබ්ද විකාශන යන්ත්‍රය අත්අඩංගුවට

එම කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සදහා අදාළ බලපත්‍ර ලබා නොගැනීම නිසා එම යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතා මෙහෙයුම් කාර්යාලයෙන් පිටව ගොස් සුළු මොහොතකින් පැමිණි පොලිස් නිළධාරීහු  ශබ්ද විකාශන යන්ත්‍රය අත් අඩංගුවට ගත්හ.


උත්සවයේ සංවිධායකයන් පවසන්නේ ශබ්ද විකාශන බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් එම මොහොතේ එම බල පත්‍රය අදාළ ස්ථානයේ නොතිබූ බවයි. පොලීසිය පවසන්නේ  ජන හමුවක් සදහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නට බලපත්‍රයක් ලබා ගෙන තිබූ බවත් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සදහා ශබ්ද විකාශන යන්ත්‍ර බලප්‍රත්‍රයක් කිසිවෙකු විසින් ලබා නොගත් බවයි. කෙසේ වුවද ලියා පදිංචි නැති මැතිවරණ කාර්යාලයක් සදහා  ශබ්ද විකාශන බලපත්‍රයක් දීමට පොලීසියට බලයක් නොමැති බවද පොලීසිය පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment