මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි.


ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය.

මේ සඳහා වන එෆ්.ඩී.ජී. එන්නත සිංගප්පූරුවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට අපි මහරගම අපේක්‍ෂා රෝහලේ වෙනම ගොඩනැගිල්ලක් ඉදිකරනවා. එය පරමාණුක බලශක්ති අධිකාරියේ නිර්දේශවලට අනුව සිදුවෙනවා. එහි ඉදිකිරීම් 90%ක් පමණ අවසන්. ඒ වගේම මෙහි පුහුණුව සඳහා 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විදේශයට යොමු කරනවා.

පෙට් ස්කෑනරය සවි කිරීමට මාසයක පමණ කාලයක් ගත වෙනවා. එයින් ජනතාවට සේවය ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා. මේ හරහා මාසයකට රෝගීන් 100ක් පමණ ස්කෑන් කිරීමට හැකිවෙනවා. අප මෙම යන්ත්‍රය ගුවන් මගින් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment