චීන කොඩිය මාගම්පුර වරායේ ලෙලදෙයි

චීන කොඩිය මාගම්පුර වරායේ ලෙලදෙයි
මීට පෙර ශ්‍රී ලංකා ජාතික කොඩිය ඇතුළු වරාය අධිකාරියේ සංකේත කොඩි එහි ඔසවා තිබිණි. නමුත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා තිබුනේ අනෙක් කොඩි කණුවලට වඩා අඩි එකහාමාරක පමණ උසින් වන අතර මීට දින දෙකකට ඉහතදී සියලු කොඩි කණු එක සමාන වන සේ ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත කොඩි කනුව උසින් අඩු කර තිබේ.
 
මේ අතර තම දරුවන් වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් මාගම්පුර වාරයේ හිටපු සේවකයින්ගේ දෙමාපියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙන අතර එයට මේ වනවිට දින  42 ක් සම්පූර්ණ වේ. සත්‍යග්‍රහයේ නියුතු පිරිස අද වන වසර වෙනුවෙන් උදෑසන කිරිබත් වෙනුවට කොස් තම්බාගෙන කන ආකාරය දිස්විය.
 
මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම යටතේ සේවය කල සේවකයින් 435 දෙනාට පසුගිය වසරේ  නොවැම්බර් 30 වනදා සිට වරාය පරිශ්‍රයට ඇතුළු නොවන එම සමාගම මගින් දන්වා තිබූ අතර එදින සිට වරාය සේවකයින්ගේ සේවය අහිමි විය. 
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
ham port 1
ham port 2
ham port 3
ham port 4
ham port 5
ham port 6
ham port 7
ham port 8
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment