මහා බ්‍රිතාන්‍යයේ සියල්ලන් 2018 වසර පිළිගැනීම සදහා එක් රැස් වූයේ ලන්ඩන් අගනුවරටය. ලක්ෂයකට අධික බ්‍රිතාන්‍ය වැසියන් තේම්ස් නදිය අසබඩට රැස්ව සිටියේ නව වසරේ මල් වෙඩි දර්ශණ සහ නව වසර පිළිගැනීමේ උත්කර්ෂය දැක ගැනීමටයි.
ලෝක ප්‍රසිද්ධ බිග් බෙන් 2018 වසර පිළි ගන්නවාත් සමග රට වැසියන් සියල්ලන් නව වසරට ආයුබෝවන් කීවේ දහසකුත් අනාගත බලා පොරොත්තු සමගිනි.
එඩින්බර්ග් හි නව වසර ආරම්භ වූයේ පැයට කිලෝ මිටර් 76 ක වේගෙන් හමන වැසි කුණාටුවක් සමග වුවත් නව වසරේ අසිරිය සමරන්නට එය කිසිවකුටත් බාධාවක් නොවූ සෙයකි. එමෙන්ම ස්කොට්ලන්තයේ හමා ගිය සුළි කුණාටුව විසින් ලෝකෙය් විශාලතම වීදි උත්සවය පවත්වන්නට සූදානමින් සිටි ස්කොට්ලන්ත වැසියන් ට ඒ සදහා ඉඩ කඩ ලැබිණ.
එසේ වුවත් ලන්ඩනයේ සතුට මෙන්ම පොඩි පොඩි අකරතැබ්බයන්ද සිදු වුණ බවට වාර්ථා ෙව්.
නව වසරේ උත්කර්ෂයක් සමග 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලීසියට සිදුව තිබිණි. අධික බීමත් කම, පොලිස් නිලධාරීන්ට අපහාස කිරීම වැනි වැරදි හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබිණි.
ඇමරිකාවේ නිව්යෝක් නුවරට නව වසර පිළිගනු ලැබුයේ ලන්ඩනයට නොදෙවෙනි වන්නටය. නොමිලයේ බෙදා දුන් මත්පැන් සමග නිව්යෝක් නගරය පුරා ඇමරිකානු වැසියන් සිය නව වසර පිළි ගත් බවට තොරතුරු වාර්තා විය.
උත්සවශ්‍රීය වැඩි කිරීමට සංගිතය නැටුම් හා විවිධ උත්සව අංග වලින් නිව්යෝක් නගරය පිරී ගොස් තිබිණ.
මල් වෙඩි වර්ෂාවන්ගෙන් පිරී ගිය නිව්යෝක් අහස යට උත්සව ශ්‍රීය ට නොදෙවෙනි වුණ ආරක්ෂාවක් ද පැවතීම සුළු පටු කරුණක් නොවන බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතයයි. නගරයේ ආරක්ෂාව අන් කවරදාටත්වඩා දැඩි කොට තිබිණ.
බර්ලිනයද නව වසර උත්සවා කාරයෙන් පිළි ගත්තේ දහස් ගණන් වැසියන් බර්ලිනයට එක් රැස් කරමිනි. නව වසර පිළිගන්නට සිය රටේ ප්‍රධාන නගරයට පැමිණි ජර්මන් වැසියන් එකිනෙනා සමග සවුදිය පුරමින් නව වසර පිළි ගනු ලැබීය.
රුසියානු වැසියන්ටද 2018 නව වසර ඉමහත් ප්‍රබෝධයෙන් පිළිගන්නට එරට රජය විසින් ඉඩ සළසා තිබුණ අතර මොස්කව් නුවරට රැස්වුණ වැසියන් ට රජ ය මගින් ආහාර පාන වලින් හා සව්දිය වලින් පිරුණ උත්සව හා වීදි සංදර්ශන සූදානම් කර තිබෙනු දැකිය හැකි විය . නගරයේ ආරක්ෂාවද නව වසරේ උත්කර්ෂවය සාර්ථක කර ගැනිම සදහා තර කර තිබූ අතර මොස්කව් වැසියන් 2018 වසර පිළි ගනු ලැබූයේ ඉදිරියේදී පවත්වන්නට නියමිත මැතිවරණයේ බලාපොරොත්තු ද මුල් කරගනිමිනි.
2018 වසර ඩුබායි වැසියන්ට අමතක නොවන වසරක් වනු ඇතැයි අපේක්ෂා කරනුයේ එක්සත් අරාබි රාජ්‍යයේ නිදහස් පියා වූ ෂෙයික් සයිඩ් බින් සුල්තාන් අල්නයාන් ගේ 100 වන උපන් දිනය 2018 වසරට යෙදී ඇති බැවිනි. ඒ නිසාම ඩුබායි නගරය අන් සියලු මැද පෙරදිග රටවල් වලට නොදෙවෙනි උත්සවාකාරයෙන් නව වසර පිළි ගත්තේය. විශේෂයෙන්ම දහසකුත් විදේශිකයන් පිරිවරාගෙන ඉතා අලංකාර මල් වෙඩි වරුසා මැද ඩුබායි වැසියෝ නව වසර පිළි ගත්හ.
ජපානයේ ටෝකියෝ අහසද නව වසර පිළි ගනු ලැබුයේ නව තාක්ෂණය හා විනෝදය මුසු වුණ මල් වෙඩි වරුසා මැද්දේය. අලංකාරවර්ණ වලින් යුත් මල් වරුසා ටෝකියෝ අහස පුරා පැතිරෙන විට ජපාන වැසියන් පිනවීම සදහා ගායක ගායිකාවන් රැසක් සහභාගි වූ සංගීත සංදර්ශන රැසක් රට පුරා සංවිධානය වී තිබුණේය.
ඔස්ට්‍රේලියාවට නව වසර මදක් දුක් මුසු එකක් වූයේ නව වසර උදාවට ඔන්න මෙන්න කියා ඇතිවූ ගුවන් යානා අනතුරක් මගින් රට වැසියන් 6කට පමණ ප්‍රමාණයකට ජීවිත අහිමි වූ බැවිනි.
නමුත් සිඩ්නි අහස 2018 වසර වෙනුවෙන් සුපුරුදු පරිදි උත්සව ශ්‍රීය ගත්තේය සිඩ්නි නගරාධිපති ක්ලෝව මුරේ පවසන ලද්දේ මෙවර නව වසරේ මල් වරුසාවන් අන් කවරදාකයක් නොව තාක්ෂණික සහ අලංකාරවත්ම මල් වෙඩි සංදර්ශනයන් බවය.
2018 වසර උදාවූ මුල්ම රට බවට පත්ව තිබුණේ සැමෝවා දූපතයි. සැමෝවා වැසින් තමන් නව වසර පිළිගත් ලොව පළමු රට වූ නිසාම විශාල සංස්කෘතික අංග රැසක් සමග නව වසර පිලිගත්හ . සැමෝ වා වැසියන්ට ඉතා රසවත් සිදුවීම වූයේ ඔවුන් ඇමරිකාවට වඩා පැයක දුරින් සිටින බැවින් ඇමරිකාවට ගොස් දෙවන වරටද 2018 වසර පිළිගැනීමේ වාසනාවන්තයින් වන්නටද ඔවුන්ට හැකියාව උදා වී තිබූ බැවිනි.
- හංසිනී සම්පත්
0 comments :
Post a Comment