කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට අවශ්‍යයි - සමනලී නඩු මගට


කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට අවශ්‍යයි
- සමනලී නඩු මගට

පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීම අසාධාරණ බව කියමින් ප්‍රකට නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද
නීතිය හමුවට ගොස් තිබේ.

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට පවතින අයිතිය අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඔවුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදන, කාන්තාවන්ට සමාන ලෙස
සැලකීමට ගත් පියවරක් බවත් අවලංගු කිරීමෙන් තමන්ගේ මූලික අයිතීන්ට පහර වැදුණ බවයි.
නිසි වයස සම්පූර්ණ කළ කාන්තාවන්ටද නිදහසේ තම වෘත්තීය සිදු කර ගැනීමේ අයිතිවාසිකම හිමි කළ යුතු යයිද පෙත්සමේ සඳහන් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ගොනු කර තිබෙන පෙත්සමේ
කැබිනට් මණ්ඩලය ගත් බව කියන තීරණයකට අනුව එම ගැසට් නිවේදන අවලංගු කිරීම වරදක් බව පෙන්වාදී තිබේ.
කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය නොකර නැවත එම ගැසට් පත්‍රය වලංගු කරවන මෙන් ඔවුන් ඉල්ලා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment