කාන්තා රෙස්ලිං නැරඹීම මින්පසු VR ක්‍රමයට

ලෝකයේ විශාල අවධානයක් දිනා සිටින WWE රෙස්ලිං තරග නැරඹුම් ස්වරූපය අලුත් මුහුණුවරකට හරවමින් 2018 සිට Virtual Reality (‘මැවූ යථාර්ත’) ක්‍රමයට කාන්තා රෙස්ලිං දර්ශන නැරඹීමේ අවස්ථාව
රෙස්ලං තරග නරඹන්නන් වෙත පිරිනමන බව WWE ප්‍රධාන සන්නාම නිලධාරිනියක වන ස්ටෙෆනි මැකමොන් පවසා තිබේ.
1993 සිට සතිපතා

රෙස්ලිං ෂෝ රූපවාහිනියෙන් ඉදිරිපත් කරන ඇමරිකානු  WWE සමාගම එම දර්ශන නිසා විශාල මුදලක් උපයන අතර මේ දක්වා වසර 25 ක් තිස්සේ කිසිම සතියකදී එය මග නොහැර ඉදිරිපත් කළ බව දන්වා ඇත.
මෙම දර්ශන ලෝකයේ විවිධ නාලිකාවල ප්‍රදර්ශනය කරන්නේ එම සමාගමට ගෙවීම් සිදු කරගෙනය.
මෑත කාලයේ යූටියුබ් හා සමාජ මාධ්‍ය තුළද රෙස්ලිං දර්ශන ජනප්‍රියවී ඇති පසුබිමක 2018 සිට Virtual Reality ක්‍රමයට මෙම දර්ශන නැරඹිය හැකි බවත් ඒ සඳහා NextVR නමැති ඇප් එකක් යොදාගත හැකි බවත් ස්ටෙෆනි මැකමොන් BBC ලෝක සේවය සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment