නත්තලට ගස් කැපීමට එරෙහිව රුසියානු සරසවි සිසුවිය නිරුවතින් විරෝධතාවක​

රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ ඉර්කුට්ස්ක් නගරයේ විශ්වවිද්‍යාල සිසුවියක වන ලියානා
ක්ලෙව්ට්සෝවා නත්තල් ගස්

වෙනුවෙන් වනාන්තරවලින් ගස් කැපීමට එරෙහිව නිරුවත් විරෝධතාවයක යෙදුණා.

දැඩි ශීතල ද නොතකා ඇය මෙම විරෝධතාවය දැක්වූයේ නත්තල් ගස් වෙනුවෙන් ෆර් ගස් කැපීමට එරෙහිවයි.

නත්තල් සැරසිලි කිරීමට අවශ්‍ය නම් එය ස්වාභාවිකව පවතින ගසක් යොදාගෙන කරන ලෙස ඇය කියා සිටියේ විදුලි බුබුලුවලින් සැරසූ ෆර් ගසක් අසළ සිටගෙනයි.

නිවෙස සැරසීමට අවශ්‍ය නම් ඇති තරම් කෘත්‍රිම ගස් මිලට ගත හැකි යයිද ඇය පෙන්වා දුන්නා.

ලියානා සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ "නිරුවත් සත්‍යය​" නම් එකමුතුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඉහළ යන තෙල් මිල​, සත්ත්ව හිංසනය වැනි කරුණුවලට එරෙහිව විරෝධතාවල නිරත වී තිබෙනවා.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment