ජී.එල්. කපා, බැසිල් පෙරට: ජන රැලි අධීක්ෂණය රෝහිතට.


මැතිවරණ උණුසුමින් සෙසු පක්ෂ පෙරට යන වටාපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අභ්‍යන්තර මතගැටුම් හටගෙන ඇති ස්වරූපයක් දක්නට ඇතැයි වාර්තා වේ.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ පිරිස් විසින් නව පක්ෂය තම දේශපාලනයේ අරමුණු ඉටුකර ගැනීමට වාහනයක් ලෙස යොදාගන්නා ආකාරය පිළිබඳ පක්ෂයේ සෙසු පිරිස් කලකිරී ඇතැයිද වාර්තා වේ.

පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අබිබවා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය මෙහෙයවීම ආරම්භ කිරීම, රාජපක්ෂ පවුලේ උදවියගේ දැඩි බලපෑමක් ඊට එක් කිරීම මේ ගැටුම්වලට මුල් වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ටික දෙනෙකු මේ නව පක්ෂය සමඟ කටයුතු කරන්නට මුල දී පියවර ගත් අතර, මෑතක සිට රාජපක්ෂවරුන් දැඩි බලපෑමක් සිදු කිරීම නිසා ඔවුහු කලකිරී සිටිති.

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන මහින්ද රාජපක්ෂ මහතා තම බාල පුතු රෝහිත රාජපක්ෂ මහතා කරලියට ගෙනවිත් දේශපාලන ගමනක් යෑම මේ මත බෙදිල්ලට හේතුවක් වී තිබේ.

රාජපක්ෂ මහතා සහභාගි වන ජන රැලි මාලාවට වේදිකාව ඉදිකිරීමේ සිට සියලු කටයුතු අධීක්ෂණය රෝහිත රාජපක්ෂ මහතාට පවරා ඇතැයි ද වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂය මෙහෙයවීමට කොපමණ කටයුතු කළත් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා එළිය සංවිධානය සමඟ වෙනම දේශපාලන ගමනක් යෑමට වැඩ ආරම්භ කොට ඇත. පක්ෂයට සහාය නොදී රාජපක්ෂවරුන් එකිනෙකා කටයුතු කරන බවක් දක්නට ද ලැබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ධුරයට පත්වීමට පවා උදව් කළ පක්ෂයට ගුණමකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද කටයුතු කරන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment