අද (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම නියෝගය කර ඇත.
එම රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා දැඩි උපේක්ෂාවෙන් ප්‍රකාශ කර ඇත්තේ එජාපය සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් හටගන්නේ නම් ඉන් වාසි ගනු ඇත්තේ විපක්ෂය බවයි. එහෙයින් අනවශ්‍ය ගැටුම් ඇති කරගෙන විපක්ෂය බලවත් කිරීම නොකළයුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. එමනිසා තමන් කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා හමු වී අනිවාර්යයෙන් ම සමාව ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට නියෝග කර ඇත.
එසේම, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඔහු එජාපයේ මන්ත්‍රීවරයකු ලෙස සිටින්නේ නම් ඔහුගේ ස්ථාවරය යනු එජාප ස්ථාවරය විය යුතු බවයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විටින් විට මාධ්‍ය හමුවේ එජාප ස්ථාවරයට පටහැණි, හුදු ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කිරීම නිසා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඔහුට අවවාද කර ඇත.
0 comments :
Post a Comment