අදින් පසු වැසි අඩුවෙයි

අදින් පසු වැසි අඩුවෙයි

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment