ආදිත්‍ය ගාන්ධි සහ ලීසා අබේරත්න සුසංයෝගයෙන් ශාස්ත්‍රීය ගිටාර් ප්‍රසංගයක්.


ලීසා අබේරත්න ගායනා ඉදිරිපත් කරන ඉන්දියානු වාද්‍ය ශිල්පී ආදිත්‍ය ගාන්ධි සහභාගි වන ශාස්ත්‍රිය ගිටාර් වාද්‍ය ප්‍රසංගයක් 2018 ජනවාරි මස 22 වන සඳුදා සවස 6ට කලුතර නගර ශාලාවේදී නොමිලේ පැවැත්වීමට සංවිධානය කර ඇත.

කියුබානු සහ වෙනිසියුලානු සංගීතඥයන් විසින් නිර්මානය කරන ලද ශාස්ත්‍රිය සංගීත ඛණ්ඩ සහ ගිටාරය ආශ්‍රිත ලතින් ඇමරිකානු සහ ඉන්දියානු නිර්මාණ කිහිපයක්ද මෙහිදී සජීවීව ඉදිරිපත් කෙරේ. 

සරළ ගීත රසවින්දනයට හුරුව ඇති තරුණ රසික ප්‍රජාව වින්දනාත්මක ඉසව්වක් කරා යොමුකරවාලීම මෙම ප්‍රසංගයේ මූලික අරමුණ ලෙස සඳහක් කළ හැක. ප්‍රධාන නගර වලට පමණක් සීමාවූ විදෙස් ශිල්පීන්ගේ මෙවැනි ප්‍රසංගයක් නගරයෙන් බැහැරක පවත්වන මුල්ම අවස්ථාව ද මෙයයි. 

ශ්‍රී ලංකාවෙ කියුබානු තානාපති වරයා මෙහි ප්‍රධාන ආරාධිතයා වන අතර ප්‍රසංගය කලින් ආසන වෙන්කරවාගන්නා රසිකයන් සඳහා නොමිලේ පැවැත්වේ. 0771 947 460 දුරකථන අංකය ඇමතීමෙන් කලින් ආසන වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. 

මේ සඳහා උනන්දුවක් දක්වන සියළු දෙනාට එදිනට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය විසින් ආරාධනා කර සිටී.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment