පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරා දමා කතරගම යුද පිටියක් වෙයි


පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරා දමා
කතරගම යුද පිටියක් වෙයි


ඊයේ රාත්‍රී 11.00ට පමණ කතගරම නගරයේදී පොලිස් අණ නොතකා පැදවූ යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබීමේ සිදුවීමක් නිසා 44 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර එයින් තවත් තරුණ අයෙකු තුවාල ලැබීය.
තුවාල ලද පුද්ගලයා පවසා සිටින්නේ තමාත් මිතුරාත් කෑම එකක් අරගෙන එන්නට ටවුමට ගිය බවත් එසේ එද්දී එක්වරම පොලිසිය ටෝච් ගසා යතුරු පැදිය නතර කරන්නට සංඥාවක් කළ බවත් එම අවස්ථාවේ පැමිණි වේගය නිසා තරමක් ඉදිරියට ගොස්
නතර කරන්නට සිදුවූ නිසා පොලිසිය තමන් සංඥාව නොතකා ධාවනය වන බවට වැරදියට තේරුම් ගෙන වෙඩි තබා ඇති බවත්ය.
වෙඩි තබන අවස්ථාවේ යතුරු පැදිය නතරවී තිබුණ බවද ඔහු කියා සිටියේය. මෙම වෙඩි තැබූ අවස්ථාවේම එක් පුද්ගලයෙකු මරණයට පත්ව අනෙකා තුවාල ලැබීය. කතරගම පොලීස් නිලධාරීන් විසින් කරන ලද විවෘත වෙඩි තැබීමකින් කිසිදු හේතුවක් නැතිව පුද්ගලයෙකු මරාදැමූ නිසා ඊයේ රාත්‍රිෙය්ම ගම් වාසීන් කුපිත විය.

ප‍්‍රදේශවාසීන් පැමිණ පොලීසියට ගල් ගසා තිබූ අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇත.
වෙඩි තැබීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ කතරගම නාගහවීදීයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
 පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක්ද කතරගම ප්‍රදේශයට යොමු කර ඇත.
වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට මේ මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල් වරයා ප්‍රකාශ කර ඇත්තේ ''තමන් රාජකාරියේ නියැලී සිටිය දී අණ නොතකා ධාවනය කළ අදාල යතුරුපැදි කරු නැවැත්වීමෙන් අනතුරුව තම අත තිබු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කළ බවත් පසුව පළා යන විට වෙඩි තැබූ බවත් ය ''.
මෙම සිදුවීම නිසා අද දහවල් කාලයේද නතරයේ කලබල පැවතිණි. විරෝධතාවයේ යෙදුනු පිරිස් කතරගම නගර මධ්‍යයේ ටයර් පුලුස්සමින් විරෝධතාවයේ යෙදි සිටියහ.කතරගම නගරයේ විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසියෙන් නැවතත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
පොලීසිය පැවසුවේ, පොදු දේපොළවලට හානි කරමින් සහ පොලීසියේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා මත කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු සැකකරුවන් 59 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment