මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවයට සහය වන ලෙස මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබා දෙන නීතිඥ අජිත් ප්‍රසන්න හට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න දැඩි ලෙස අවවාද කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්,සාක්ෂිකරුවන් හා අගතියට පත් පාර්ශවයන්ට බලපෑම් වන ආකාරයෙන් නීතිඥ අජිත් ප්‍රසන්න මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙන බවට ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර හා අධිනීතිඥ ජේ.සී.වැලිඅමුණ යන මහත්වරුන් අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර මහේස්ත්‍රාත්වරිය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න අධිකරණය හමුවට කැඳවා ඒ ගැන විමසීමක් කර ඇත. එහිදී මෙම නඩුකරයට සම්බන්ධ විජයකාන්තන් නමැති සාක්ෂිකරු ලබා දුන් සාක්ෂිය පිළිබඳ අධිකරණය හමුවේ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නීතිඥවරයා උත්සහ කර ඇති නමුත් මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කර රජයේ නීතිඥවරුන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පමණක් ප්‍රකාශ සිදුකරන ලෙස නියෝග කර තිබේ. කෙසේ වෙතත් නීතිඥ අජිත් ප්‍රසන්නගේ හැසිරීම තුළ ඔහු විත්තිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ කුමන සැකකරු වෙනුවෙන්ද යන්න හෝ නිවැරදිව ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඒ අනුව නීතිඥ අජිත් ප්‍රසන්නගේ හැසිරීම වින්දිතයන් හා සාක්ෂිකරුවන් පිළිබඳව වන පනත උල්ලංඝනය කිරීමක් මෙන්ම විමර්ශන සිදුකරන නිලධාරීන්ද අගතියට පත්කිරීමක් බව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කර ඇති අතර නීතිඥවරයාට දැඩි ලෙස අවවාද කර ඇත්තේ ඔහුට එරෙහිව වෙනත් අධිකරණයක හෝ ක්‍රියා කළ හැකි බවයි.
එමෙන්ම මෙම නඩුවට අදාළව සැකකරුවකු වන පළාගොස් සිටින ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළ බව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළේය.
"රණවිරු" හා "දේශප්‍රේමී" ජන්ද අහිමි වීමේ බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස බලපෑම් කර මෙම සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු හය දෙනා මේ වන විට ඇප මත නිදහස්ව සිටිය ද දැන් එම සමූල ඝාතනය නැවත හැරවිය නොහැක. දැන් අවශ්‍ය වන්නේ සැබෑ රණවිරුවන් හා රණවිරුවන්ට වසන් වී සිටි ඝාතකයන් ජනතාව හමුවට ගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොයි කවුරුත් සහය වීමය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment