එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් තමන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන බවත් එජාපය මෙවන් දේ වළක්වා ගැනීමට ක්‍රියාකළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද උදෑසන පැවති කැබිනට් රැස්වීමේදී තදින් ප්‍රකාශ කර ඇත. "පික්පොකට් කාරයා හොරා හොරා කියමින් දුවනවා" වැනි ප්‍රකාශ නිකුත් කිරීමේදී ජනාධිපතිවරයාට ද මීට වඩා කල්පනාකාරී වීමට තිබුණේයැයි ඊට පිළිතුරු දෙමින් එජාප ඇමතිවරුන් ප්‍රකාශ කර ඇති අතර මෙය ජනාධිපතිවරයා සහ එජාප ඇමතිවරුන් අතර තියුණු වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.
එහිදී ඉතා තදබල ලෙස කෝපයට පත් ජනාධිපතිවරයා තමන් අත තිබුණු කැබිනට් පත්‍රිකා වීසිකර දමා බැණවදිමින් කැබිනට් රැස්වීමෙන් පිටව ගොස් තිබේ.
ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපතිවරයාව නවත්වාගෙන එජාපය සහ ජනාධිපතිවරයා අතර අසමගියක් ඇතිවුවහොත් එහි වාසිය යන්නේ ආණ්ඩු විරෝධී කොටස්වලට පෙන්වා දී ජනාධිපතිවරයාව නැවතත් කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ.
0 comments :
Post a Comment