මෛත්‍රිගේ අපේක්ෂකයෙක් මත්පැන් සමග අත්අඩංගුවට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය සභාවට පුහුලහේන කොට්ඨාශයෙන් තරඟ වදින අපේක්ෂක රණසිංහ රණවලගේ මහේෂ් මධුෂංක නමැති අපේක්ෂකයා අද සවස මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ලඟ තබාගැනීම හා අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්දයෙන් වැඩිදුර නීති කටයුතු සඳහා අත්අඩංගුවටපත් මහේෂ් මධුෂංක කනංකේ පොලීසියට  බාරදී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කසිප්පු ලීටර් 20 මිලිලීටර් 250ක් හා සීනි කරිඤ්ඤං ලීටර් 50ක් පොලිස් බාරයට ගෙන ඇත.

පසුගියදා මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශකර සිටියේ මත්පැන් පානය කරන අපේක්ෂකයන්ට ජන්දය ලබානොදෙන ලෙසයි. අත්අඩංගුවට පත් වැලිගම ප්‍රාදේශීය සභාවට පුහුලහේන කොට්ඨාශයෙන් තරඟ වදින මහේෂ් මධුසංක මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතීත්වය දරණ ශ්‍රිලනිප සාමාජිකයෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment