ඇඟිලි සලකුණු යන්ත‍්‍ර එපා වේලාවට වැඩට එන්න අමාරුයි කියා ජපුර හෙද හෙදියන් වර්ජනයේ


ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණිම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති පැමිණිම හා පිටවයාම පොතේ අත්සන් තැබීම වෙනුවට ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත.

 ඒ අනුව නියමිත වේලාවට පැමිණීමට නීති පැනවීම අසාධාරණ යයි කියමින් හෙද වෘත්තීය සමිති එකමුතුව විරොධය පළ කර වර්ජන ක්‍රියාමාර්ග වලට එළැඹ තිබේ.
ඔවුන් පළකර තිබෙන නිවේදනයේ මෙසේ දැක්වේ.

‘රාජ්‍ය සේවාවේ ඉතා සුවිශේෂි, එමෙන්ම අනෙකුත් රාජ්‍ය

සේවකයින්ට වඩා සේවයට පැමිණීම හා පිටවයාමේ දුෂ්කරම කාලවේලාවන්හි සේවාමුර රාජකාරි සඳහා සේවයට වාර්තා කිරීමට හෙද හෙදියන්ට සිදුව තිබේ.
එහෙත් සියලූ හෙද හෙදියන්ට නිල නිවාස පහසුකම් පවා ලබාදී නැති තත්වයකදී ඔවුන්ට රාජකාරියට පැමිණීමට සිදුව ඇත්තේ තම නිවෙස්වල සිට හෝ පෞද්ගලික නවාතැන්වල සිටයි. එසේම හෙදියන්ගේ ප‍්‍රවාහන දුෂ්කරතා මගහැරවීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා තීරුගාස්තු රහිත වාහන බලපත‍්‍රයක් ලබාදෙන බවට පොරොන්දු වුවද එය ඉටුකිරීම තබා රාජකාරියට පැමිණීම හා පිටවයාම සඳහා පොදු ප‍්‍රවාහන සේවාවන් හෝ ප‍්‍රමාණවත්ව සැලසීමට අපහසු තත්වයක් ඇත.
හෙද හෙදියන් රෝගී සත්කාර සේවාවන් දැඩි කැපකිරීමක් මධ්‍යයේ අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.
එවැනි වටපිටාවක හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටවයාම පිළිබඳව ජයවර්ධනපුර රෝහල තුල කිසිදු ගැටලූවක් මතු නොවී ඇති අවස්ථාවක රෝහල් පාලනාධිකාරිය බලහත්කාරී ලෙස මෙම ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ රෝහලේ සියලූ හෙද හෙදියන්ගේ දැඩි විරොධය මතුව තිබේ.

 ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෙනුවට පෙර පරිදි හෙද හෙදියන්ට පැමිණීම හා පිටව යාමේ පොත් අත්සන් තිරීමේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් 2018.01.03 දින පෙ.ව. 7.00 සිට රාජකාරියෙන් ඉවත් වීමට සියලූ හෙද කාර්ය මණ්ඩලය තීරණය කර ඇත. මේ වන විට රෝගීන්ගේ හදිසි ප‍්‍රතිකාර කටයුතු පමණක් පවත්වාගෙන යන අතර පාලනාධිකාරිය විසින් ගැටලූව විසඳීමට කටයුතු නොකරන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගය දැඩි කිරීමට කටයුතු කරන බවත් රෝහලේ හෙද වෘත්තීය සමිති එකමුතුව ප‍්‍රකාශ කර සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment