ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා ඇයට තර්ජනය කර ඇයව දණ ගැස්වීම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පරීක්ෂණයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබිණි. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද මේ සම්බන්ධ වාර්තාවක් කැඳවා තිබිණි.

ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු වෘත්තීය සමිති විසින් ද ප්‍රකාශ කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment