විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම් කාලය දීර්ඝ කෙරේ

විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම් කාලය දීර්ඝ කෙරේ

 

2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2018 ජනවාරි 26 ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කර තිබිණි.

එම කාලය 2018 පෙබරවාරි 02 දිනය දක්වා දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි.

අදාළ අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ යොමුකළ යුතු වන අතර 2017 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට ඒ සඳහා හැකියාව පවතී.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment