මේ වසරේ සිට ආර්ථික කළමනාකරණයට නායකත්වය දෙනවා - ජනපති

මේ වසරේ සිට ආර්ථික කළමනාකරණයට නායකත්වය දෙනවා - ජනපති

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) කෑගල්ලේ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

පසුගිය වසර තුන පුරාවට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි ආර්ථික කළමනාකරණයට ඉඩ ලබා දී තිබුණත් මේ වන විට රටේ ජනතාවට බරපතළ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ නිසා මීට මාස තුනකට පෙර තමන්ගේ නායකත්වයෙන් ජාතික ආර්ථික සභාවක් ඇති කළ බව පැවසූ ජනාධිපතිවරයා පැවසුවේ මේ වසරේ සිට එම සභාව හරහා ජාතික ආර්ථිකය හැසිරවීමට නායකත්වය ගන්නා බවය.

දේශීය කර්මාන්ත, දේශීය නිශ්පාදකයින්, දේශීය ආයෝජකයින් ආරක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment