නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගය පිරිසිඳු කිරීමට හමුදාවෙන් ශ්‍රමදානයක්


මෙවර ශ්‍රීපාද වන්දනා සමයේදී  වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගය දෙපසට බැහැර කර ඇති
දිරා නොයන
ඝණ අපද්‍රව්‍ය රැස් කිරීමේ ශ්‍රමදානයක් යුද හමුදා නිලධාරීන් හා භටයන් විසින් පසුගිය (30) දා සිදු කළහ.
ආරක්ෂක සේවා මූලස්ථානයේ (මධ්‍යම පළාත) යුද හමුදා භටයින් හා 19 වෙනි ශ්‍රීලංකා ආරක්ෂක බලමුළුවේ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරි මේජර් දමින්ද ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

එම කඳවුරේ නිලධාරීන් ඇතුලු භට පිරිස්  මෙම සද් කාර්ය සඳහා සහභාගී වූහ.
හමුදා  නිලධාරීන් හා භට පිරිස් විසින් ශ්‍රීපාද මළුවේ සිට නල්ලතන්නිය දක්වා ගෙන  ගෙන එන ලැබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළත් බහළුම් අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය කසළ රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාර දෙන ලදී.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)














Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment